බල්ලන් සහ බළලුන්ගේ වඳ සැත්කම්

වඳ සැත්කම් (spay/ovariohysterectomy) බල්ලන් සහ බළලුන් අතර සිදු කරන සුලබ සැත්කමකි. මෙම සැත්කම මගින් සතාගේ ගර්භාෂය සග ඩිම්බ කෝෂ ඉවත් කරනු ලබයි. මෙම සැත්කම සිදු කිරීමට ප්‍රදාන හේතුව අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමයි. ඊට අමතරව ගර්භාෂයේ ආසාදන හෝ පිළිකා නිසා ද මෙම සැත්කම සිදුරකයි.

මෙම සැත්කම සිදු කිරීමට පෙර ඹබේ පශු වෛද්‍යවරයා විසින් සතා පරීක්ෂා කළ යුතුය. මෙම පරීක්ෂණයේදී වෛද්‍යවරයා විසින් ශාරීරික පරීක්ෂාවක් සිදුකර සතා ශල්‍යකර්මය සඳහා සුදුසු තත්වයේ සිටී දැයි නිගමනය කරයි. මෙම අවස්තාවේදී වෛද්‍යවරයා විසින් රුධිර පරීක්ෂණයක් ද නිර්දේශ කරයි. එමගින් ඹබේ සුරතලාට විවිධ ලෙඩ රෝග හෝ රක්ත හීනතාවක් පවතී දැයි පරීක්ෂා කරයි. ඔබේ සුරතලාට කලින් හඳුනා ගත් හදවත් රෝග වැනි දෑ පවතී නම් ශල්‍යකර්මයට පෙර අමතර පරීක්ෂණ සිදුකළයුතු වේ.

ශල්‍යකර්මය සඳහා සතා නිර්වින්දනය කරන බැවින් එම අවස්ථාවේ දී වමනය යෑමේ අවදානම අඩු කර ගැනීම සඳහා පය 10ක් පමණ නිරාහාරව තැබිය යුතුයි. නිර්වින්දනයට පෙර ඔබේ සතා ආහාර ගෙන ඇත්නම් වෛද්‍යවරයා දැනුවත් කල යුතු අතර ශල්‍යකර්මය කල් දැමීමට සිදුවේ.

ශල්‍යකර්මය ආරම්භකිරීමට පෙර ඔබේ සුරතලා නිර්වින්දනය කරයි. මේ සඳහා විවිධ ඹෟෂධ වර්ග භාවිතා කරන අතර ඔබේ වෛද්‍යවරයා විසින් භාවිතා කරන නිර්වින්දන ක්‍රමය තීරණය කරනු ලබයි. නිර්වින්දන ඹෟෂධ එන්නත් මගින් ලබාදීම හෝ වායු ආසවාසය මගින් සිදුකරයි.

නිර්විනදනයවු පසු සතාගේ උදර ප්‍රදේශයේ රෝම කපා ඉවත් කරයි. ඉන් පසු විෂබීජ නාශක දියර භාවිතයෙන් එම ප්‍රදේශය පිරිසිදු කර ජීවාණුහරණය කල රෙදි මගින් එම ප්‍රදේශය ආවරණය කරයි.

සාමාන්‍යයෙන් මෙම ශල්‍යකර්මය සතාගේ පෙකණියට මඳක් පසුපසින් යොදන කුඩා කැපුමක් මගින් සිදුරකයි.

මෙම ශල්‍යකර්මයේදි සතාගේ ගර්භාෂය සහ ඩිම්බකෝෂ දෙකම ඉවත් කරයි. මෙහි දී රුධිර වහනය වැළැක්වීම සඳහා අදාළ රුධිර වාහිනි ගැට ගසා දමයි. ගර්භාෂය සහ ඩිම්බකෝෂ ඉවත් කිරීමෙන් පසු රුධිර වහනයක් පවතී දැයි වෛද්‍යවරයා විසින් නැවතත් පරීක්ෂා කර බලයි. ඉන් පසු කුඩා කැපුම වාසාදමයි. අනතුරුව ප්‍රදේශය පිරිසිදුකර තුවාලය සඳහා ආවරණයක් යොදයි.

ශල්‍යකර්මය අවසන් වූ පසු පියවි සිහිය ලැබෙන තුරු වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කරයි. සමහර අවස්ථා වල අමතර වේදනා නාශක ලබා දේ. ඉන් අනතුරුව ගෙදර දී ඔබේ සුරතලා රැක බලා ගන්නා ආකාරය ගැන වෛද්‍යවරයා විසින් ඔබට උපදෙස් ලබා දෙනු අත.

ශල්‍යකර්මයේදි සම මැසීම සඳහා උරාගන්නා නූල් වර්ගයක් හෝ පසුව ඉවත් කරන නූල් වර්ගයක් භාවිතා කල හැක. ඉවත්කලයුතු නූල් වර්ගයක් භාවිතා කල හොත් දින 7 – 14 ක කාලයක දී ඒවා ඉවතකලයුතුවේ. සතා ගෙදර ගෙන යාමෙන් පසු තුවාලයේ ලේගැලීමක්, රතුවීමක් හෝ ඉදිමීමක් ඇත්නම් වහාම වෛද්‍යවරයා දැනුවත් කලයුතුය. තුවාලයට ආවරණයක් යොදා ඇත්නම් එය දින කීපයකින් ඉවත් කල හැක.

ඉතා සාර්තක ශල්‍යකරමයක් වුවත් නිවැරදි ආකාරයෙන් රැක බලා නොගතහොත් සංකුලතා අති විය හැක. එම නිසා ලබා දෙන උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදීම හා කිසියම් හෝ සැකයක් ඇත්නම් වෛද්‍යවරයාගෙන් විමසියුතුවේ.

ඔබේ සුරතලා තුවාලය ලෙවකැම හෝ සැපීම වැලැක්විය යුතුය. එමගින් තුවාලය විවුර්ත වීම හෝ දරුණු ආසාදන ඇතිවිය හැක. සමහර අවස්ථා වල දී වෛද්‍යවරයා විසින් තුවාලය ආරක්ෂා කර ගැනීම සඳහා පුනීලයක හැඩැති ප්ලාස්ටික් ආවරණයක් (Elizabethan collar) හිසට යොදයි. එමගින් තුවාලය ලෙවකැම හෝ සැපීම වළක්වා ගත හැක.

මෙම සැත්කම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වාගැනීම මෙන්ම සතාගේ ඇතිවිය හැකි වෙන් සෞඛ්‍ය ප්‍රශ්න වළක්වා ගත හැක. මෙමගින් ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානමද සහ සතාගේ සැර අඩු කර ගත හැක.

පශු ‌වෛද්‍ය තුෂාර මාතොට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top