ඩිස්ටෙම්පර් රෝගය ඉතා දරුණු වෛරස් රෝගයක් වන අතර මෙය වළක්වා ගත හැකි රෝගයකි.
මෙම රෝගය ඉතා සීග්‍රයෙන් පැතිරෙන මාරාන්තික රෝගයකි. මෙම වෛරසය මගින් සතාගේ විවිධ පද්ධති ආසාදනය කරමින් දරුණු රෝගී තත්වයක් ඇති කරයි. රෝගය ඇතිවුන පසු ප්‍රතිකාර කිරීම ඉතා අපහසුයි.
ආසාදිත සතෙකු හෝ ආසාදිත සතෙකු භාවිතා කල දේ ස්පර්ශයෙන් හා සුළඟ මගින් මෙම රෝගය බෝ වේ. ආසාදිත සතුන් ගේ කිවිසුම්, කැස්ස සහ බීරීමේ දී පිටවෙන කුඩා බිඳිති සමග වෛරසය පරිසරයට එකතුවේ. මෙම බදිති මගින් අවට සිටින සතුන් සහ කෑම, ජලය ආසාදනය විය හැක.
මෙම වෛරසයට පරිසරයෙ වැඩි කාලයක් පැවතිය නො හැකි අතර බොහෝ විෂබීජ නාශක මගින් විනාශ වේ. නමුත් රෝගය වැළදුන සතෙක් මගින් මාස ගණනාවක් වෛරසය පැතිරේ. ගර්භණී සතුන්ගෙන් පැටවුන්ට කළල බන්ධය හරහා වෛරසය පැතිරිය හැක.
රෝග ලක්ෂණ
ඩිසටෙම්පර් වැළදුන සතුන් රෝගයේ තත්වය මත විවිධ රෝග ලක්ෂණ පෙන්වයි. මුලින්ම මෙම වෛරසය වසා ගැටිති තුල සය පෙනහලු වල වර්ධනය වේ. ඉන් අනතුරුව වෛරසය ස්වසන මාර්ගය, බඩවැල් සහ ස්නායු පද්දතිය තුලට පැතිරේ. මේනිසා රෝගයේ ප්‍රධාන අදියර දෙකක් දැක ගත හැක.
පලමු අදියර
මුලින්ම දැක ගත හැකි රෝග ලක්ෂණ වන්නේ සැරව වැනි දියරයක් ඇස්වලින් පිටවීම, තද උන, කෑම අරුචිය සහ සොටු දියර ගැලීමයි. රෝගය ආසාදනයෙන් දින 3 සිට 6 දක්වා කාලයක දී උන ඇතිවේ. නමුත් මෙම රෝග ලක්ෂණ රෝගයේ තත්වය මත වෙනස් වන අතර මීට අමතරව කැස්ස, වමනය, පාචනය, සමේ ඇතිවන සැරව ගෙඩි සහ මොළයේ සහ ස්නායුවල ඉදිමීම් දැක ගත හැක. මෙම අවස්තාවේ දැඩි ජීවිත අවදානමක් ඇති අතර මෙම අවස්තාවෙන් පසු ජීවත් වන සතුන්ගේ නාසයේ සහ කකුලේ කොට්ට වල ගන කම් වීමක් ඇතිවේ. රෝගය නිසා ප්‍රතිශක්තිය අඩුවන බැවින් ද්විතීක බැක්ටීරියා ආසාදන ඇතිවේ. එමගින් නිව්මෝනියා වැනි තත්ව ඇතිවිය හැක.
දෙවන අදියර
ස්නායු පද්ධතියේ ඇතිවන ආසාදනය හේතුවෙන් හිස පැත්තකට ඇලවීම, සතා රවුමට කැරකැවීම, අංශ බාග තත්වය, අපස්මාරය, ඇසේ නැටීම, මාංශපේෂි වෙව්ලීම, කටේ සෙලවීම සහ කෙළ ගැලීම. අවසානයේ දී බෙහෝවිට මෙම සතුන් මරණයට පත්වේ.
ඩිස්ටෙම්පර් රෝගයට ලක්වු සතෙකුගේ මෙම රෝග ලක්ෂණ වලින් කීපයක් හෝ සියල්ලම පැවතිය හැක. බොහෝ සතුන් මෙම රෝගයේන් මරණයට පත්වේ. රෝගයෙන් පසුව සතුන්ගේ ස්නායු පද්ධතියේ ඇතිවන ස්ථීර ආබාධ පවතී
එන්නත් නොකල සුනඛයන් සහ කුඩා පැටවුන්ට මෙම රෝගය සැදීමේ දැඩි අවදානමක් පවතී.
ප්‍රතිකාර
මෙම රෝගයට ප්‍රතිකාරයක් නොමැත. රෝග විනිශ්චයෙන් පසු පශු වෛද්‍යවරයා විසින් වමනය, පාවනය, ස්නායු ආබාධ සහ විජලනය වැළැක්වීමට ප්‍රතිකාර ලබා දේ. ද්විතීක ආසාදන වළක්වා ගැනීමට ප්‍රතිකාර ලබාදේ. සැම විටම ආසාදිත සතුන් අනික් සතුන්ගෙන් වෙන්කර තැබිය යුතුය. සුව වීමේ හැකියාව සතාගේ ප්‍රතිෂක්තිය හා වෛරසයේ මාදිලිය මත රඳා පවතී. සමහර අවස්ථාවල දින 10කින් පමණ රෝගය සුව විය හැකි අතර සමහර සතුන්ට මාස ගණනාවක් ගතවේ.
රෝගය වළක්වා ගැනීම
මෙම රෝගය සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැක. ඒ සඳහා බලු පැටවුන් නිසි ආකාරයෙන් ඩිස්ටෙමපර් රෝගයට එන්නත් කල යුතුය. ඉන් පසු වැඩිහිටි සතුන් ගේ එන්නත් නියමිත දිනට ලබාදිය යුතුය. ආසාදිත සතුන් සිටී නම් ඔබේ සුරතලා එම සතුන්ගෙන් ඈත් කර තැබිය යුතුය.
ඔබේ එන්නත් නොකල කුඩා බලු පැටවුන් නිතර සතුන් ගැවසෙන ස්ථාන වළඳී විවිධ දේ ලෙව කෑමෙන් සහ බිම වැටී ඇති දේ ආහාරයට ගැනීමෙන් වළක්වා ගන්න.