පූසන්ගේ ආසාදිත පාචන රෝගය Feline Infectious Enteritis (Parvovirus, Panleukopenia Virus)

Cat with Feline Infectious Enteritis

පූසන්ගේ ආසාදිත පාචන රෝගය පූසන්ගේ පාවෝ වෛරසය මගින් ඇතිවේ. මෙය panleukopenia ලෙසද හදුන්වයි. එසේ හදුන්වනනේ මෙම රෝගයේ දී පූසන්ගේ සුදු රුධිරානු අඩු වන බැවිනි.

මෙම රෝගය පූසන් අතර සුලබ රෝගයකි. එන්නත් නොකළ පූසන් විශාල වශයෙන් මෙම රෝගයෙන් මියයයි. පාවෝ වෛරසය දීර්ඝ කාලයක් පරිසරයේ පැවතිය හැකි අතර එය බොහෝ විෂබීජ නාශක වලට ප්‍රතිරෝධී වේ.

රෝගය බෝවන්නේ ආසාදිත සතෙකුගේ මල පහ වලින්, ආසාදිත කෑම සහ පරිසරයෙන්. ආසාදිත සතෙකුගෙන් සති හයක පමණ කාලයක් රෝගය බෝවිය හැකි අතර බල්ලන් මගින් ද මෙම රෝගය බෝවිය හැක.

මෙම රෝගය මගින් වයස මාසයක පමණ සිට වැඩිහිටි පූසන්ට දරුණු පාචන තත්වයක් ඇති කරයි. රෝගය වර්ධනය වීමට දින පහක සිට දින නමයක පමණ කාලයක් ගතවේ. සමහර සතුන්ට ලේ සමග වමනය යෑම සහ බඩ යෑම ඇති වන අතර ඉක්මනින් මිය යයි. මෙම වෛරසය මගින් බඩවැල් වල තුවාල ඇති කරණ අතර රුධිරය හරහා ඇට මිදුලු වලට ගමන් කරයි. ඇට මිදුලු වල වෛරසය වර්ධනය වීමේදී සතාගේ සුදු රුධිරානු අඩුවේ. වෛරසය ආසාදිත සතුන්ට බොහෝවිට උණ ඇතිවේ. සමහර සතුන් රෝග ලක්ෂණ නොපෙන්වාම මිය යයි. ගර්භණී සතෙකුට ආසාදනය වුවිට පැටවුන් ගේ මොළයේ විකසනයට බාධා ඇතිවේ. මෙම පැටවුන් ආරම්බයේදී සාමාන්‍ය වන අතර ඇවිදීමට පටන් ගන්නා විට කෙලින් සිටීමේ අපහසුවක් දැකිය හැක.

මෙම රෝගය සඳහා නියමිත ප්‍රතිකාරයක් නෙමැත. මෙම රෝගය අධික ලෙස පැතිරෙන රෝගයක් බැවින් ආසාදිත සතුන් වෙන්කර තැබිය යුතුය.

ආසාදිත සතුන් බොහෝ විට විජලනය සහ ද්විතීක ආසාධණ නිසා මිය යයි. එම නිසා සේලයින් සහ ප්‍රතිජීවක ලබා දිය යුතුය. කුඩා කෑම වේල් දියර වර්ග ලබාදීම සහ ප්‍රතිකා මගින් වමනට පාලනය කල යුතුය. නිසි ලෙස රැක බලා ගහතොත් මෙම රෝගයෙන් කුඩා පැටවුන්ට සුව වීමේ හැකියාවක් ඇත.

රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා වළක්වා ගැනීම සාර්ථක වේ. ඒ සඳහා සතුන් නිසි ආකාරයෙන් එන්නත් කල යුතුයි. පූස් පැටවුනය සති 6 සිට 8ට දක්වා වයසේදී පලමු ත්‍රිත්ව එන්නත ලබාදෙන අතර ඊට මාසයකට පසු දෙවන එන්නත ලබාදේ. ඉන් අනතුරුව අවුරුද්දකට වරක් එන්නත් කටයුතුයි. ආසාදිත සතුන් වෙන් කර තැබිය යුතු අතර එම සතුන් සිටි ස්ථාන හොඳින් විෂ බීජ නාෂක යොදා පිරිසිදු කල යුතුය.

1 thought on “පූසන්ගේ ආසාදිත පාචන රෝගය Feline Infectious Enteritis (Parvovirus, Panleukopenia Virus)”

  1. Dinithi Madushani Sooriya Arachchi

    This article solved a problem that I had for a longtime. Thank you so much for sharing knowledge with public!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top