බලුපැටවුන්ට එන්නත් කිරීම

කුඩා කාලයේදී පැටවුන්ට විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිය මව්කිරි මගින් ලැබේ. මව හොඳින් එන්නත් කර ඇත්නම් පැටවුන්ටද හොඳ ප්‍රතිශක්තියක් ලැබේ. බලු පැටවුන්ට පලමු එන්නත ලෙස සාමාන්‍යයෙන් ලබාදෙන්නේ පාවෝ ඒනතයි. එය වයස සති හයේදී ලබාදේ. මව නිසි ආකාරයෙන් එන්නත කර නොමැති හෝ මව ගැන විස්තර නෙදන්නේ නම් පලමු එන්නත ලෙස ජලභීතිකා එන්නත ලාබාදේ. එම අවස්තාවේදී පාවෝ එන්නත සති දෙකකට පසුව ලබාදේ.

පාවෝ රොගය බෙහෝදෙනා හඳුන්වන්නේ ලේ බඩ යන රෝගය ලෙසයි. එයට හේතුව මෙම රෝගයේදී බඩවැල් වල තුවාල ඇතිවී එයින් වහනය වන රුධිරය මලපහ සමග පිටවීමයි. මෙහිදී පිටවන මලපහ අදික දුඟඳකින් යුක්තවන අතර ඈතට විදී. කුඩා පැටවුන්ට මෙම රෝගය මාරාන්තික වන බැවින් නිවැරදිව එන්නත් කලයුතු අතර ප්‍රතිශක්තිය වර්ධනය වනතෙක් පැටවුන් රෝගයෙන් ආරක්ෂා කරගතයුතුය.

පාවෝ එන්නත ලබාදී සති දෙකකට පසු DHL එන්නත ලබාදේ.

මෙම එන්ත මගින් රෝග තුනකට ආරක්ෂාව ලබාදේ. එම රෝග නම් Canine Distemper(ඩිස්ටෙම්පර්), Hepatitis (හෙපටයිටිස්) සහ Leptospirosis (මී උණ).

ඩිස්ටෙම්පර් රෝගය ඉතා ඉක්මනින් බොවන වෛරස් රෝගයකි. මෙය වැළදුන සතුන් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර මෙම රෝගයේදී පසුපස ගාත්‍රා වල අප්‍රානික බවක්ද පෙන්වයි. මෙම රෝගය බොහෝවිට මාරාන්තික රෝගයකි.

හෙපටයිටිස් රෝගයත් වෛරස් රෝගයක් වන අතර මෙයද ආසාදිත සතෙකුගේ මළපහ, මුත්‍රා හෝ වෙනත් දියර මගින් බෝවේ. මෙම රෝගය වැළඳුනු පසු සුවකිරීම අපහසු වන අතර සුවවුවද විවිධ සංකුලතා පැවතිය හැක.

මී උණ රෝගකාරකය රෝගී සතෙකුගේ මුත්‍රා මගින් බොවන අතර මෙම රෝගය මිනිසුන්ටද වැළදීය හැක. මෙය මිනිසුන්ට මීයන්ගේ මුත්‍රා මගින් බෝවන නිසා මෙම රෝගය මීඋණ ලෙස හඳුන්වයි. මෙම රොගයට ප්‍රතිකාර කළහැකි වුවද බොහෝවිට මාරාන්තික වේ.

DHL එන්නත ලබාදී සති දෙකකට පසු ජල භීතිකා එන්නත ලබාදේ. ජල භීතිකා රෝගය මාරාන්තික රෝගයකි. වැළදුනු පසු කිසිම ප්‍රතිකාරයක් නොමැත. බල්ලන් සහ වෙනත් සතුන් සපා කෑමේන් එම සතුන්ගේ කෙළ හරහා මෙම වෛරසය ශරීර ගතවේ.

මෙම සියලුම එන්නත් ලබාදී මසකින් නැවතත් එම එන්නත් ලබාදීමෙන් ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තියක් ලබාගතහැක.

ඉන් පසු සියලුම එන්නත් වසරකට වරක් නැවත ලබාදිය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top